සජබෙට නව බලය - කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

Report

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත්කිරීමේදී මෙවර තරුණයන්ට විශේෂ අවස්ථාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඊයේ (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී නවක සාමාජිකයන් ලෙස පහත තරුණ දේශපාලන නියෝජිතයන් පත්කර තිබේ:

චරිත් අබේසිංහ, වැරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, වෛද්‍ය චමල් සංජීව, සංජීව ධම්මික 

අපි ඓතිහාසික ජාතියක් - ප්‍රතිසංස්කරණ කල් නොදී ගිනි තබමු - ඥානසාරගෙන් කණට ගැටෙන පාඩමක්

අපි ඓතිහාසික ජාතියක් - ප්‍රතිසංස්කරණ කල් නොදී ගිනි තබමු - ඥානසාරගෙන් කණට ගැටෙන පාඩමක්

මෙම නව සාමාජිකයන් ඊයේ පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිය පත්වීමේ ලිපි ලබාගත්හ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.

මෙම පත්වීම් හරහා සමගි ජන බලවේගය තරුණ පරම්පරාවට දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිදුර සහභාගීත්වයක් ලබාදීමට තීරණය කර ඇති බව පෙනේ.  

GalleryGalleryGalleryGalleryGallery