මෛත්‍රී සජිත් සමඟ එක්වෙයි? - සජබයෙන් විශේෂ නිවේදනයක්.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් පවසනවා.

විජේදාස මෛත්‍රී දීගය බිදී යයි.? - මේකත් මගේ තව ඩීල් එකක්. - විජේදාස ජනපති සටනට ආ හේතුව මෙන්න. - (VIDEO)
සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ ඔහු සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවයි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්රචාරක කණ්ඩායම් විසින් අසත්‍ය පුවත් නිර්මාණය කර, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වැඩපිළිවෙලක නිරත වන බව ද මරික්කාර් මහතා අවධාරණය කරයි.
මරික්කාර් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, මෙම මැතිවරණ කාලසීමාව තුළ සියලු පක්ෂයන්ට අභියෝගයක් වී ඇති සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එරෙහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් දේශපාලනයේ නිරත සියලු අපේක්ෂකයින්ගේ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විමසිලිමත්ව බුද්ධියෙන් ග්‍රහණය කරගන්නා ලෙස සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
