මෛත්‍රී සජිත් සමඟ එක්වෙයි? - සජබයෙන් විශේෂ නිවේදනයක්.

Maithripala Sirisena Sajith Premadasa
By Wayomi Aug 16, 2024 09:08 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් පවසනවා.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

විජේදාස මෛත‍්‍රී දීගය බිදී යයි.? - මේකත් මගේ තව ඩීල් එකක්. - විජේදාස ජනපති සටනට ආ හේතුව මෙන්න. - (VIDEO)

විජේදාස මෛත‍්‍රී දීගය බිදී යයි.? - මේකත් මගේ තව ඩීල් එකක්. - විජේදාස ජනපති සටනට ආ හේතුව මෙන්න. - (VIDEO)


සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ ඔහු සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.

හෙට සිට සියලුම පාසල් වලට නිවාඩු - උසස්පෙල සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින දැනුම්දෙයි.


එළැඹෙන ජනාධිපතිවරණයේ දී නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩායම් විසින් අසත්‍ය පුවත් නිර්මාණය කර, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වැඩපිළිවෙලක නිරත වන බව ද මරික්කාර් මහතා අවධාරණය කරයි.

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)

දෙනෝදහක් ඉදිරියේ රනිල් - සජිත් රටට පෙන්නු හැසිරීමට ලැබුණු ප්‍රතිචාරය. - (VIDEO)


මරික්කාර් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, මෙම මැතිවරණ කාලසීමාව තුළ සියලු පක්ෂයන්ට අභියෝගයක් වී ඇති සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එරෙහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් දේශපාලනයේ නිරත සියලු අපේක්ෂකයින්ගේ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විමසිලිමත්ව බුද්ධියෙන් ග්‍රහණය කරගන්නා ලෙස සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.