ශ්‍රෙයා ගෝෂාල්ට වුණු ඇබැද්දිය
Hackers
Cyber Attack
Shreya Ghoshal
Instagram
Social Media
By Zara
ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු එල්ල වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති බව දැනුම් දී ඇත.
එය නැවත් සිය පාලනය යටතට ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූ බව ඇය පවසා තිබේ.
එබැවින් ඇය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ X ගිණුමෙන් පළ කරන කිසිදු පොස්ටුවකට, සටහණකට, පණිවුඩයකට හෝ දැනුම්දීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසටය.
එමෙන්ම ඇය වැඩිදුරටත් සිය රසිකයින්ට පවසා ඇත්තේ සිය X ගිණුම යථා තත්ත්වය පත් වූ විගස වීඩියෝවක් ඔස්සේ දැනුවත් කරන බවයි.
