පාතාල නායක මිදිගම චූටි ඕමාන් රාජ්‍යයේදී අත්අඩංගුවට - තරු පහේ හෝටලය හැංගිලා ඉදලා
ඔමාන් රාජ්‍යය මගින් එරට ආරක්ෂක අංශ යොදවා දින දෙකකට පෙර “මිදිගම චූටි” හෙවත් ප්‍රභාත් මධුශංක නමැති අපරාධකරුවා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම මිදිගම චූටි දකුණු පළාතේ සක්‍රීයව ක්‍රියා කරන දරුණු පාතාල කණ්ඩායමක නායකයෙක් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක ප්‍රබල සාමාජිකයෙකුද වේ.
ජාත්‍යන්තර පොලිසිය විසින් ලංකාවේ පොලීසියේ ඉල්ලීමකට අනුව මොහුව අත්අඩංගුවට ගන්න ලෙස රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින දරුණු පාතාල නායක හරක් කටා නමැත්තා සමග සමීප සම්බන්ධතාවයක් හා ඔහුගේ ගෝලයකු ලෙසද මෙම මිදිගම චූටි සේවය කර ඇත.

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට
මිදිගම චූටි නමැති මොහු පළමුව ඩුබායි වෙතට හා ඉන් අනතුරුව ඕමානයට පලා ගොස් එහි තරු පහේ සුඛෝපභෝගී හෝටලයක සිටියදී මෙලෙස ඕමාන් පොලිස් නිලධාරීන්ට හසුව ඇත.
මොහු විදෙස්ගතව සිටියද දකුණු පළාතේ පුරා තම ගෝලයන් උපයෝගී කරගනිමින් මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කොට ඇත.