අයර්ලන්තය, එංගලන්තය සහ ස්කොට්ලන්තයේ උතුරු දිග ප්‍රදේශවලට පැයට කිලෝමීටර 159ක වේගයකින් හමා ගිය ඊෂා සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල ප්‍රදේශවල ගස් කඩාවැටීම් සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර, දුම්රිය සේවා ද අවලංගු කර ඇත.
එමෙන්ම විදුලිය බිඳවැටීමෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.