බද්දේගම හල්පතොට වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට [UPDATE]

Report

update - 11.05. a.m.

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියගොස් ඇත. ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. -----------------------

බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි පිරිමි පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.

මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් නිවසට වෙඩිතබා පලාගොස් තිබූ අතර, සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ පිරිමි පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ තීව්‍ර කර ඇත.

බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමක්

බද්දේගම, හල්පෙතොට ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමක්

ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ජන රැලිය අද

ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ජන රැලිය අද