හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අධිකරණය හමුවට
නුවරඑළිය ප්‍රදේශයෙදි පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (21) දින නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පොලිසිය විසින් (22) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ප්‍රේමලාල් ජයසේකර සිය පවුලේ සාමාජිකයන් සමග ඊයේ (21) දින නුවරඑළියේ සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී තම පිස්තෝලය පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑලියට පොලසියට අගතියට පත් පාර්ශවය විසින් කරන ලද පැමිණිල්ලක් මත නුවරඑලිය පොලිසිය විසින් ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගනු ලැබුවා.
ප්‍රේමලාල් ජයසේකර සතුව තිබූ ගිනි අවියට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තබූ බලපත්‍රයේ මුල් පිටපත ඔහු සන්තකයේ නොතිබුණ බවත්, පසුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදි එම පිස්තෝලය සදහා නීත්‍යානුකූල අවසරයක් ලබා දී තිබු බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙකු පවසා සිටියේ.