ලංකාවම කැළඹෙයි - දිවයින පුරා පවතින අධික වර්ෂාව මැද ප්රබල අකුණු ගැනත් රතු එළි - අද රාත්රී 11.00 දක්වා ප්රවේශමෙන්
ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ඒ උතුරු මැද පළාතට සහ ත්රිකුණාමලය හා මඩකලපුව දිස්ත්රික්ක සඳහායි.
අද (26) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්රී 11.00 දක්වා වලංගු බව දැක්වේ.
ඒ අනුව, එම ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට
එසේම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න