දිස්ත්‍රික්ක 4 කට දැඩි අකුණු අනතුරු ඇඟවීමක් ගැන අවවාදාත්මක නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පිළිබඳ දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව ප්‍රාදේශීය මට්ටමින් තද සුළං හට ගැනීමේ හැකියාවක් ද පවතී. අකුණු පහරවල් නිසා ඇති විය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්ව සැලසුම් සහ පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයෙන් ඉඩම්

නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයෙන් ඉඩම්

Gallery