නායයෑමට ලක් වූ ප්රදේශවල ජනතාවට රජයෙන් ඉඩම්
මෙරටට බලපෑ 'දිට්වා' සුළු කුණාටුන් හේතුවෙන් ආපදාවට ලක් වූ ඉඩම් සම්බන්ධ සංගණනයක් සිදුකිරීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත .
ඒ අනුව, නායයෑමට ලක් වූ ඉඩම් රක්ෂිත බවට පත් කරනු ලබයි. ඉන්පසු එම ඉඩම් නැවත මැනීම් කටයුතු සිදුකළ යුතු බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා ප්රකාශ කර තිබේ.
ඒ අනුව මෙහිදී අදි අවදානම් කලාප තුළ පිහිටි ඉඩම් රක්ෂිත බවට පත් කිරීම සදහා තීරණය කළහොත් දීමනා බලපත්රයක් හිමි එම ඉඩම් සඳහා වටිනාකම තක්සේරු කර වන්දි මුදලක් හෝ නැවත ඉඩමක් ලබාදීමට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව අපේක්ෂිතය.
ඒ අනුව, අදාළ ඉඩම් පිළිබද අදාළ දිස්ත්රක්කවල දිසාපතිවරුන්ගෙන් තොරතුරු ලබාගනිමින් සිටින බව සදහන් වේ.
තවද මෙහිදී ඇතැම් පදිංචිකරුවන් රජයේ ඉඩම්හි අනවසරයෙන් පදිංචි වී ඇති බවත් තොරතුරු වාර්තා වී ඇත.
නමුත් ඔවුන් සඳහා ද මෙම ක්රියාමාර්ගය සිදු කිරීමට එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.
ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා තව දුරටත් සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් දැනටමත් ආපදාවට ලක් වූ දිස්ත්රික්කයන්හි ඉඩම් කාර්යාල වෙත දන්වා යවා තිබෙන බවයි.