ඩිපෝ හතකට දුම් සහතික නෑ
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශයේ ඩිපෝ හතකට අයත් බස් රථ 566කින් 226කට වායු විමෝචන සහතික ලබාගෙන නොතිබූ බව සඳහන් කරයි.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක් වූයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ විශාල සංඛ්‍යාවකට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ද වායු විමෝචන සහතික (දුම් සහතික) ඉදිරිපත් කර නොතිබූ බවයි.
ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ මෙලෙස දුම් සහතික නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පරිසර දූෂණය ඉහළ යා හැකි බවයි.
එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ අහිතකර වායු සහ බැර ලෝහ පරිසරයට නිකුත් කිරීමයි.
ඒ අනුව විගණන අංශ නිර්දේශ කර ඇත්තේ ලංගම බස් රථ සඳහා ද කලට වෙලාවට දුම් සහතික ලබාගත යුතු බවයි.
අඳාල තොරතුරු ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන්.