සතොස පැත්තෙන් අමුතු කතාවක්
ලංකා සතොස සමාගම රුපියල් කෝටි 20 ක් වැය කරමින් ස්ථාපිත කරන ලද ERP System මඟින් එහි ප්‍රමුඛ අරමුණ වන වැටුප් කළමණාකරණය සහ අය වැය කරණය ඉටු නොවන බව මෑතක දී කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
අදාළ පද්ධතිය පිළිබද ප්‍රසම්පාදන කාර්යයේ දී ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතුව තිබුණ ද එවැනි අධ්‍යයනයක් කර නොමැති බවත් සඳහන්.
ඒ හේතුවෙන් මෙවැනි ගැටලුවක් මතු වූ බව විගණන වාර්තා පෙන්වා දෙයි.
එසේ ම ගිවිසුමට අනුව කොන්ත්‍රාත්කරු වෙත ගෙවීම් කිරීමට පෙර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මගීන් කළ යුතුව තිබූ තාක්ෂණික පරීක්ෂණ විගණනය කළ යුතු දිනය වූ 2024 වර්ෂයේ මැයි මස 7 වන දා වන විටත් කර නොතිබූ බවද එම විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.
ගිවිසුමට අනුව වගකීම් කාලය අවසන් වීමෙන් පසු පද්ධතිය සතොස වෙත පවරා ගත යුතුව තිබුණ ද එසේ නොකර තිබිය දී 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය වන විට පද්ධතියේ නඩත්තුව වෙනුවෙන් තවත් රු.කෝටි 03 ක මුදලක් වැය කර ඇති බවද එම විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.
