රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - අලුත් වෙනසක් ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්

Report

මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් වහා මිදිය යුතු බවයි. වර්තමානය වන විට ඇතැම් රජයේ කාර්යාල, නිලධාරීන්ගේ නිල බලය සහ තනතුරේ බලය පෙන්වීමේ මාධ්‍යයක් ලෙස භාවිත කිරීම කනගාටුදායක තත්ත්වයක් වන බවත් පරණ බිත්තිවලින් වටවූ, හිරගෙවල් වැනි අඳුරු කාර්යාල ක්‍රමයෙන් රාජ්‍ය අංශය වහා එළියට පැමිණිය යුතු බවත් අමාත්‍යවරයා පැවසුවේය. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ තමන් දැනට භාවිත කරන මහාමාර්ග අමාත්‍යාංශයේ කාර්යාලය පවා ටෙනිස් පිටියක් තරම් විශාල එකක් බවත්, එවැනි අධික ඉඩකඩ සහිත කාර්යාල කාමර තැනීම ඉදිරියේදී තහනම් කළ යුතු බවත්ය.

මත්පැන් භාවිතා කරන්නන් පිළිබඳව භයානක ආරංචියක් - මත්ද්‍රවය හා මත්පැන් ගැන විශේෂ අනාවරණයක්

මත්පැන් භාවිතා කරන්නන් පිළිබඳව භයානක ආරංචියක් - මත්ද්‍රවය හා මත්පැන් ගැන විශේෂ අනාවරණයක්

ඔහු වැඩිදුරටත් පැවසුවේ කාර්යාල ඉඩකඩ යනු තනතුරේ බලය ප්‍රදර්ශනය කරන ස්ථානයක් නොවන බවත්, සැබෑ සුදුසුකම් සහිත නිලධාරීන්ට තම පෞරුෂය ගොඩනගා ගැනීමට විශාල කාර්යාල කාමර හෝ අධික පිරිවැයක් දැරූ ගෘහ භාණ්ඩ අවශ්‍ය නොවන බවත්ය. ඔහු පැවසුවේ ඉදිරියේදී පහසුවෙන් කණ්ඩායමක් ලෙස එකට එකතු වී වැඩ කළ හැකි "වර්ක් ස්ටේෂන්" ආකෘතියට රාජ්‍ය කාර්යාල පද්ධතිය මාරු විය යුතු බවයි.

අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ එකම අමාත්‍යාංශයකට අයත් ආයතන විවිධ ස්ථානවල විසිරී පැවතීම හරහා පාලනය සහ මහජන සේවය අපහසු වී ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී රාජ්‍ය ආයතන එකම පරිශ්‍රයකට ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි.

බිහිසුණු රෝගයක් ලංකාවේ හිස ඔසවයි - රටේ පැති කිහිපයක් අධි අවදානම් තත්ත්වයක

බිහිසුණු රෝගයක් ලංකාවේ හිස ඔසවයි - රටේ පැති කිහිපයක් අධි අවදානම් තත්ත්වයක

එහිදී අදහස් දැක්වු මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා,

''අපි මේ අර පරණ බිත්තිවලින් වටකරගත්තු, කුඩූ කරගත්තු, ඒ අඳුරු අර හිරගෙවල් වගේ කාර්යාල ක්‍රමයෙන් එළියට එන්න ඕන. දැන් අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මං ඉන්න ඔෆිස් එක ගත්තොත් ටෙනිස් කෝට් එකක් විතර ලොකුයි. ඒ වගේ ඒවා හදන එක තහනම් කරන්න ඕන. ඔෆිස්ස්පේස් කියන්නේ තමන්ගේ මේ ඊගෝ එක පෙන්නන, තමන්ගේ තනතුර පෙන්නන එකක් නෙමෙයි. ඇත්තටම අපිට සුදුසුකම් තියෙනවා නම් අපිට චූටි ඔෆිස් එකක් ඇති. අපිට ඔෆිස් එකෙන් පර්සනලිටි එක හදාගන්න අපි කාටවත් අවශ්‍ය නැහැ. අපේ කාමරයේ තියෙනවා පුටු පහක් විතර. එක පුටුවක් ගෙයක් හදන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙක්ට. ඒ නිසා අපිට එහෙම මානසික රෝගයක් නැහැ. අපිට පුටුවලින්, ඔෆිස් ස්පේස්එකෙන්, ඒ ග්ලෝරිෆිකේෂන් එකෙන් අපිට කරගන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම නැවත වර්ක් ස්ටේෂන් මොඩල් එකට, පහසුවෙන්, ටීම් එකක් ලෙස වැඩ කරගන්න පුළුවන් වෙන විදිහට මේක බලන්නම ඕනකම තියනවා. දැන් අපි තීන්දුවක් ගත්තා රාජ්‍ය ආයතන එක තැනකට යා යුතුයි කියලා. දැන් අපේ අමාත්‍යාංශය ගත්තොත් රම්‍ය, සුරම්‍ය, සුබ වගේ තියෙන්නේ. මං හිතන්නේ මං ඇත්තටම තාම හරියටම දන්නෙත් නැහැ ඔය කොහෙ කොහෙ තැන්වලද ඔක්කොම තියෙන්නේ අමාත්‍යාංශය කියලා.''