ටෙනිස් ලොවේ රැජින ලෙස හඳුන්වන සෙරීනා විලියම්ස් පැරිසියේ සුපිරි හෝටලයකට පැමිණි අවස්ථාවේ දී එම හෝටලේ සේවකයින් විසින් ඇයට ඇතුළුවීම ප්‍රතික්ෂේප කර තිබේ .
ඇය පැරිසියට පැමිණ ඇත්තේ ඔලිම්පික් සමාරම්භක උළෙලේ පහන දැල්වීමට ආරාධනා ලැබීමෙන් බවයි සඳහන් වනුයේ .
මේ වන විටමෙම සිදුවීම විශාල කතිකාවකට ලක් වී තිබේ .
හොටල් කර්ය මණ්ඩලය පවසා ඇත්තේ ඔවුන්ට ඇයව හඳුනා ගැනීමට නොහැකි වූ අතර, එම හෝටලයේ ආසන සියල්ල කලින් වෙන්කර තිබු බවය.
සෙරීනා විලියම්ස් සිය X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් මෙම සිදුවීම පිළිබඳව සිය අප්‍රසාදය පළකර ඇත.
ඇය පවසන්නේ තමාට සහ දරුවාට එම හෝටලයකට ඇතුළුවීම ඔවුන් වැළක් වූ බවයි.