ඇවිලෙන යුධ ගිනි මැද්දට ගිය සීලරතන හාමුදුරුවෝ - ඇමරිකානු තානාපති කාර්යාලය ළඟ උද්ඝෝෂණයක් - යකා නටයි

Report

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයට සහ අමෙරිකා එක්සත් ජනපදයට පූර්ණ සහයෝගය පළ කරමින් ජනසෙත පෙරමුණ නියෝජනය කරන බත්තරමුල්ලේ සීලරතන ඇතුළු 06 දෙනෙකුගේ පිරිසක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය අසලදී උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ.

ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු විරෝධතාකරුවෝ, අතීතයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ත්‍රස්තවාදී අර්බුදයේදී ඊශ්‍රායලයෙන් ලැබුණු සහයෝගය කෘතවේදීව සිහිපත් කළ යුතු බව ද අවධාරණය කර ඇත.

එසේම මෙහිදී මෙම අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දක්වන අදහස් ද සීලරතන හිමියන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

සීලරතන හිමි චෝදනා කළේ පලස්තීනය සහ ඉරානය වෙනුවෙන් පෙනී සිටිමින් ඊශ්‍රායලයට එරෙහිව හඬ නඟන මන්ත්‍රීවරයා සමස්ත ලෝකවාසීන්ගේම අදහස නියෝජනය නොකරන බවටයි.

ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්

ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සහ ඊශ්‍රායල අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ පූර්ණ සහයෝගය හිමිවන බව ද උන්වහන්සේ සඳහන් කර ඇත.

ඊට අමතරව මෙහිදී වත්මන් රජය අමෙරිකාව සමඟ අත්සන් කර ඇතැයි කියන ගිවිසුම් සම්බන්ධයෙන් ජනතාව මෙන්ම දේශපාලන පක්ෂ නායකයන් ද දැනුවත් නොමැති බැවින් ඒ පිළිබඳව බරපතළ සැකයක් පවතින බව සඳහන් විය.

එබැවින් ජනසෙත පෙරමුණේ නියෝජිතයෝ වැඩිදුරටත් කියා සිටියේ තොරතුරු දැනගැනීමේ පනත හරහා අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අදාළ ගිවිසුම් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඉරානය ජාතිවාදය සහ අන්තවාදය වපුරන රටක් බවට චෝදනා කළ විරෝධතාකරුවෝ, ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින රෝහින්‍යා සහ පලස්තීන ජාතිකයන් ඇතුළු සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටියා.

යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්

යුධ ගින්නෙන් ගල්ෆ් කලාපය කැළඹෙයි - දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා බහරේන්, අබුඩාබි, කුවේට්වල බරපතළ තත්ත්වයක්

එහිදී ඔවුන් සඳහන් කළේ කිසිදු හේතුවක් මත ඉරාන ජාතිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොදිය යුතු බවත්, 2050 වසර වන විට මෙරට බහුතර ජාතිය අතුගා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට තමන් විශ්වාස කරන බවත් ය.

මේ අතර උමා ඔය ව්‍යාපෘතිය හරහා ඉරානයෙන් ශ්‍රී ලංකාවට ලාභයක් නොවූ බව ද මෙහිදී සඳහන් කර තිබෙනවා.

එසේම තමන් කිසිදු පාර්ශ්වයකට බිය නොවන බවත්, ජාතිය බේරාගැනීමේ අරමුණින් අවශ්‍ය ඕනෑම ස්ථානයක විරෝධතා දැක්වීමේ අයිතිය තමන්ට ඇති බවත් භික්ෂූන් වහන්සේලා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇති බව සඳහන්.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම කැඳවීමට දිනදෙයි

පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම කැඳවීමට දිනදෙයි