මිද්දෙණියේ වළ දැමූ තවත් රහසක් මනම්පේරියි බැකෝ සමනුයි වමෑරූ පසු ගොඩ ගයි
මිද්දෙණිය ප්රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම් හමුවේ බව පොලීසිය සඳහන් කරයි.
තවද අඳාළ ප්රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් සොයා ගැනීමට හැකියාව ලැබුණු බව සඳහන්.
ඒ අනුව පොලීසිය විසින් මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගත් බව ප්රකාශ කරයි.
අනතුරුව සම්පත් මනම්පේරි නැමැත්තා තම හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද දැනට සිදුකළ ප්රශ්න කිරීම් හමුවේ කරුණු හෙළිව තිබෙනවා.