මුහුදු බෙල්ලන් මුව අං තට්ටු තොගයක් අල්ලයි

Report

ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් කණ්ඩායමක් බුලත්සිංහල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී, සන්තකයේ තබා ගැනීම තහනම් දුර්ලභ මුහුදු බෙල්ලන් සහ මුව අං තට්ටු තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රිටිගල, කුරුණෑගල සහ හික්කඩුව වනජීවී කාර්යාලවල නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙම වැටලීමේදී අවුරුදු 26 සහ 30 වයස් සීමාවල පසුවන ජාවාරම්කරුවන් තිදෙනෙකු කොටු කරගත් අතර ඔවුන් සන්තකයේ තිබී ලංකා සිතියමට සමාන (Horned Helmet) බෙල්ලන් විශේෂ තුනක්, මකුළු බෙල්ලන් (Chiragra Spider) සහ සුමට මකුළු බෙල්ලන් (Smooth Spider Conch) ඇතුළු තවත් තහනම් බෙල්ලන් විශේෂ හතරක් සොයාගෙන ඇත.

රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න

රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න

මීට අමතරව මුව අං තට්ටු 8ක්, තනි මුව අං තට්ටුවක් සහ ගෝන අං තට්ටු තොගයක් ද වනජීවී භාරයට ගෙන තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් ගෝන අං තට්ටුවක් රුපියල් 50,000කටත්, මුව අං තට්ටුවක් සහ බෙල්ලෙකු රුපියල් 30,000 බැගින් වූ මිලකටත් අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බවයි.

මේ රාජ්‍ය අංශ Online ක්‍රමේට රාජකාරි - අප්‍රේල් 16,17 Online වැඩ කරන්න සූදානමක්

මේ රාජ්‍ය අංශ Online ක්‍රමේට රාජකාරි - අප්‍රේල් 16,17 Online වැඩ කරන්න සූදානමක්

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.