මේ වාගේ තවත් මේ මොඩියුල් සම්බන්ධව ප්‍රශ්න ආවොත් ඒ පිටුත් ගලවනවද? විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයෙන් තවත් ප්‍රශ්න වැලක්

Report

 අද (05) දිනයේ 2026 වර්ෂය සඳහා පාසල්වල කටයුතු ආරම්භ කිරීමත් සමග හය ශ්‍රේණියට අදාළ සිසු සිසුවියන් ද පාසල්වලට පැමිණෙන නමුත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු විධිමත් සැලැස්මක් රජය විසින් හඳුන්වා දී නොමැති බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සදහන් කර තිබේ.

ඒ වගේම රජයේ පාර්ශවයෙන් සඳහන් කරන්නේ විධිමත් ලෙස හය ශ්‍රේණිය ආරම්භ කරනු ලබන්නේ 21වනදා බවයි .

නව අවුරුද්දේ නව ආරම්භය - 2026 පාසල් අද ඇරඹේ

නව අවුරුද්දේ නව ආරම්භය - 2026 පාසල් අද ඇරඹේ

තවද සිසුන්ට 21වනදා දක්වා සිදු කිරීමට අධ්‍යනය කටයුතු නොමැති වීම හරහා ගුරුවරු සහ විදුහල්පතිවරු යම් අපහසුතාවයකට ලක්ව තිබෙන බවද නිමල් මුදුන්කොටුව මහතා ප්‍රකාශ කර තිබේ.

එකම මොඩියුලයක්වත් දරුවන් අතට ගියෙ නෑ.. දැනගත්ත ගමන් ගබඩා සීල් කළා - අගමැතිනිය කියන කතාව

එකම මොඩියුලයක්වත් දරුවන් අතට ගියෙ නෑ.. දැනගත්ත ගමන් ගබඩා සීල් කළා - අගමැතිනිය කියන කතාව

තවදුරටත් එතුමා සදහන් කළේ පාසල් ආරම්භ කරන දිනය වනවිට රජයෙන් පාසලකට ලබා දියයුතු ලිපි ලේඛන ප්‍රමාණයක් තිබෙන බවත් නාමලේඛනය ඉන් ප්‍රධාන වන බවත් අපි දන්න ඉතිහාසයේ පළමු වරට පාසල ආරම්භ කරන දිනය වනවිටත් 2026 වර්ෂය සඳහා නාමලේඛන ලැබී නොමැති බවයි.

ඒ වගේම මතභේදයට ලක්ව ඇති හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මොඩියුල් සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙන බවත් මොඩියුල් රචනා කිරීම සඳහා තෝරගත්තේ සුදුසුම කණ්ඩායමක් ද යන්න ඉන් ප්‍රධානතම ගැටලුව වන බවත් එහිදී අදහස් දක්වමින් ලේකම්වරයා සදහන් කර තිබේ .

මේ සම්බන්ධ තවදුරටත් අදහස් දැක්වූ විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පළකලේ මෙවන් අදහසක්

මම වරදක් කරලා නෑ මගේ දරුවෝ වරදක් කරලත් නෑ අපි බය නෑ - මූල්‍ය අපරාධ විමර්ශනයට ආ ජොන්ස්ටන් කට අරියි

මම වරදක් කරලා නෑ මගේ දරුවෝ වරදක් කරලත් නෑ අපි බය නෑ - මූල්‍ය අපරාධ විමර්ශනයට ආ ජොන්ස්ටන් කට අරියි

''ප්‍රශ්නගත මොඩියුලර් සම්බන්ධයෙන් රජය අරගෙන තියෙන විසඳුම තමයි පිටු ගලවන එක. දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලාවල සාමාන්‍ය පුරවැසියෝ මේ මොඩියුල් නිරීක්ෂණය කරලා, ඒවායේ තියෙන අඩුපාඩු තොග පිටින් ලියමින් ඉන්නවා. දැන් ඇතැම් තැන්වල ව්‍යාකරණ වැරදි එක ම මොඩියුලයක් ඇතුළේ විශාල ප්‍රමාණයක්, සිය ගණනක් සටහන් කරලා තියෙනවා අපි දැක්කා. එතකොට අපි අහනවා, දැන් මේ වාගේ තවත් මේ මොඩියුල් සම්බන්ධව ප්‍රශ්න ආවොත් ඒ පිටුත් ගලවනවා ද ප්‍රශ්නගත පිටුව ගලවනවා නම් ඊළඟට ප්‍රශ්නයක් ආවහම ඒකටත් තියෙන ආණ්ඩුවට විසඳුම පිටු ගලවන එකනේ. එතකොට දැන් ප්‍රශ්නගත විතරක් පිටු ලක්ෂ අටක් ගලවන්න තියෙනවා. ඒක කවුරු කරනවද? කොහොම කරනවද? කියලා අපි දන්නෑ. එතකොට එක පැත්තකින් පිටු ගලවලා වැඩකුත් නෑ. මොකද මේකේ පී. ඩී. එෆ්. එක එළියේ තියෙනවා. එතකොට දැනගන්න ඕන හැමෝම දැන් මේවා දැනගෙන ඉවරයි. පිටු ගැලෙව්වා කියලා කිසිම දෙයක් වෙන්නේ නෑ. කිසිම තේරුමක් නෑ. ඊළඟට තවදුරටත් මොඩියුල්වල ප්‍රශ්න සහගත දේවල් තිබුණොත් ඒවායෙත් පිටු ගලවන එකද ආණ්ඩුවේ විසඳුම කියලා අපි දැනගන්න කැමතියි.''