රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (14) විශේෂ නිවේදනයක් නිකුත් කෙරිණ.

එහි සඳහන් වූයේ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් ය.

මාලිමාව සමගින් ප්‍රබල දේශපාලන පක්ෂයක් එක් වෙනවා කියලා.. කවුරුත් නොකියපු පුදුම හිතෙන කතාවක් ජනපති අනුරගෙන්..

මාලිමාව සමගින් ප්‍රබල දේශපාලන පක්ෂයක් එක් වෙනවා කියලා.. කවුරුත් නොකියපු පුදුම හිතෙන කතාවක් ජනපති අනුරගෙන්..


ඒ අනුව පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර ඇති බව ය. 

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..


ඒ අනුව ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් සහ කොලොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලු පාසල් අද (15) වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මාලිමාව ආවනේ දැන්.. ප්‍රභූන්ට නැති.. 2025 සිට ජනතාවට දෙන්න යන දෙය මෙන්න.. පාසල් දරුවන්?.

මාලිමාව ආවනේ දැන්.. ප්‍රභූන්ට නැති.. 2025 සිට ජනතාවට දෙන්න යන දෙය මෙන්න.. පාසල් දරුවන්?.


එමෙන්ම, කොළඹ කලාපයේ සියලු පාසල් ද අද වැසෙයි.

තවද, අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 4ක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් අද (15) වසා තැබෙයි.

ලොකුවට තියෙන ලොකු ළූනු කාලත් හමාර ද?. මිලට මොකද වුණේ?. රජයෙන් පනවපු ආනයනික බද්ද..

ලොකුවට තියෙන ලොකු ළූනු කාලත් හමාර ද?. මිලට මොකද වුණේ?. රජයෙන් පනවපු ආනයනික බද්ද..


මෙලෙස අද දින වැසෙන්නේ අම්බලන්ගොඩ කලාපයේ බලපිටිය ශ්‍රිපති විද්‍යාලය,මාදුව කණිෂ්ඨ විද්‍යාලය,හික්කඩුව මලවැන්න විද්‍යාලය,අම්බලන්ගොඩ ⁣කුලරත්න විද්‍යාලය සහ ගාල්ල කලාපයේ ගනේගොඩ රෝමානු කතෝලික විද්‍යාලයයි.

ඒ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර තිබෙනවා.