මාලිමාව ආවනේ දැන්.. ප්රභූන්ට නැති.. 2025 සිට ජනතාවට දෙන්න යන දෙය මෙන්න.. පාසල් දරුවන්?.
Sri Lanka Politician
Prime minister
Harini Amarasuriya
Latest Headlines
Decision Making
By krishani
අගමැතිනි හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලබන වසරේ සිට ජාතික නිදහස් උත්සවය ප්‍රභූන් වෙනුවෙන් නොව රටේ ජනතාව වෙනුවෙන් පවත්වන බවයි.
ඇය මේ බව කියා සිටියේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ මෙවැන්නකී,
‘මෙතෙක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ ප්‍රභූන් වෙනුවෙන්. 2025 සිට නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට, සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස එය සංවිධානය විය යුතුයි’