බස් එකෙන් බැස්ස පාසල් දැරිය ඒ බසයටම යට වෙයි - ජීවිතක්ෂයට

Report

බස් රථයකට යටවී සිදුවූ අනතුරකින් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපල මාර්ගයේදී මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (10) දහවල් බස් රථයකින් බැස පාර මාරුවීමට ගිය පාසල් දැරියක් මෙසේ එම බස් රථයටම යටවී අනතුරකට ලක්ව ඇත.

හෝමාගම කැම්පස් සිසුවා මියගියේ හෘදයාබාධයකින්

හෝමාගම කැම්පස් සිසුවා මියගියේ හෘදයාබාධයකින්

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 10ක් වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක්.

එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.  

අද 2න් පස්සේ වෙන්නේ මේකයි - දිස්ත්‍රික්ක රැසකට වලංගු නිවේදනයක්

අද 2න් පස්සේ වෙන්නේ මේකයි - දිස්ත්‍රික්ක රැසකට වලංගු නිවේදනයක්

ලොවක් බලා සිටි මොහොත එළඹෙයි - සාමය අරන් එන්න ඉරානයේ ප්‍රබලයෝ දෙන්නෙක් පාකිස්ථානයට

ලොවක් බලා සිටි මොහොත එළඹෙයි - සාමය අරන් එන්න ඉරානයේ ප්‍රබලයෝ දෙන්නෙක් පාකිස්ථානයට