පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ වෙනසක්. - අලුත් චක්‍රලේඛනයට ලැබුණු තීන්දුව.
පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම වන අයුරින් පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව සිදු කරනු ලබන බවයි.

මොකෙක් හරි මන්ද බුද්දිකයෙක් කරණීය මෙත්ත සූත්‍රයත් කෙලෙසලා. - නිසි බලදාරීන් ගේ අවදානය යොමු වේවා!! - (VIDEO)
ඒ අනුව, පසුගිය වර්ෂයන්හි ලැබූ අත්දැකීම් මත පදනම්ව දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමටත්, එකී සංශෝධිත චක්‍රලේඛ උපදෙස් පරිදි 2025 වර්ෂය සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
