විදෙස් ගත දෙමව්පියන්ගේ දරුවන්ට ජනවාරි 01 වැනිදා සිට බැංකු ගිණුමට ලැබෙන දේ මෙන්න

Report

යම්කිසි පුද්ගලයෙකු විදේශ ගතවීමකදී එම පුද්ගලයාට එම රටේදී යම්කිසි ආපදාවක් අනතුරක් සිදු වූවේ නම් ඔහුගේ පවුලේ අධ්‍යාපනය ලබන දරුවන්ට එය සෘජුවම බලපායි. එම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතරමග අඩාල කිරීමට ඉඩ නොදිය යුතු බැවින් ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

ඒ අනුව මෙම වසරේ ජනවාරි පළවෙනිදා සිට එලෙස විදෙස්ගත වූ ශ්‍රමිකයන්ගේ දරුවන්ට මෙම ශිෂාදාරය හිමිවන බවට විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරුන්හේම චන්ද්‍ර මහතා පවසයි.

රටපුරා අනතුරු 2000කට වැඩි පිරිසක් මරුට

රටපුරා අනතුරු 2000කට වැඩි පිරිසක් මරුට

විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට පිදෙන ගෞරවයක් ලෙස, ඔවුන් විදෙස් රැකියාවල නිරතව සිටියදී යම්කිසි අනතුරකට මුහුණ දීම එනම් ආබාධයකට ලක් වීමක්, මියයාමක්, අතුරුදහන් වීමක් හෝ සිරගතවීමක් සිදුවුවහොත් ලංකාවේ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නොකැඩී පවත්වාගෙන යාම අරමුණ කරගෙන මාසිකව ශිෂ්‍යාධාරයක් ලබාදීම ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ. මෙරට මෙවැනි ශිෂ්‍යාධාරයක් ලබාදීමේ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

රුසියාවේ ඉපදිලා ලංකාවේ අවසන් ගමන් යන රුසියානු හිමිනම

රුසියාවේ ඉපදිලා ලංකාවේ අවසන් ගමන් යන රුසියානු හිමිනම

මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින්, අදහස් දැක්වූ වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කර තිබුණේ,

"මෙම වසරේ ජනවාරි 01වනදා සිට මෙම ශිෂ්‍යාධාර ක්‍රමය ක්‍රියාත්මකයි.එනම් කුමන හෝ පුද්ගලයෙක් මෙම වසරේ ජනවාරි මස සිට යම්කිසි ආපදා අවස්ථාවකට, යම්කිසි අනතුරකට මුහුණ දුන්නෙ නම්, එම පුද්ගලයාගේ දරුවන්ට මෙම ශිෂ්‍යාධාර සදහා අයදුම්පත් ඉදිරිපත් කරන්න පුලුවන්." ඒවගේම, මෙම විදේශ රැකියා කියන ක්ෂේත්‍රයට අදාළව තවත් නීතිරීති, ප්‍රතිසංස්කරණ හා සංශෝධනය අවශ්‍යයි. දැනට විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත හරහා තමයි මෙය පාලනය වන්නේ, දැනට පවතින මෙම පනත සංශෝධනය කර හෝ,විදේශ රැකියා පනත නමින් අලුත් පනතක් ගේනන අපි සූදානම්. මෙයට අදාළ පූර්ව සාකච්ඡා දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. එමෙන්ම විදෙස් ශ්‍රමිකයින්ගේ ඡන්ද අයිතියට අදාළව කටයුතු මේවන විට සිදුකරගෙන යනවා,

යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

විපක්ෂය සෞඛ්‍ය ආරක්ෂිත කෑම පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

විපක්ෂය සෞඛ්‍ය ආරක්ෂිත කෑම පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි