මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් දේශපාලඥයන් හා එක්ව කරන දූෂිත වංචාවක් එළියට

Report

කැබිලිත්ත රක්ෂිතයට අයත් ඉඩම් අල්ලා ගැනීමට ඇතැම් මහ පරීමාණ ව්‍යාපාරිකයන් විටින් විට දේශපාලනඥයන් සම්බන්ධ කර ගනිමින් විවිධ කූට උපක්‍රම් යොදමින් සිටීම හේතුවෙන් රක්ෂිතයට මායිම්ව ඇති අක්කර විසිපන්දහසක ඉඩම් කොටස නීත්‍යනුකූල ආකාරයට ගොවීන්ට නිදහස් කර දිය යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ ප්‍රකාශ කරයි.

ඒ අනුව එම අක්කර විසි පන්දහසේ කොටස හැර කැබිලිත්ත රක්ෂිතයට අයත් කිසිදු ඉඩමක් වෙනත් සංවර්ධන අවශ්‍යතා සඳහා මුදාහැරීමට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කර තිබෙන බව සඳහන්.

තවද යම් ලෙසකින් දේශපාලන සම්බන්ධතා මතහෝ බලපෑම් මත කිසියම් හෝ අයෙක් මෙහි ඉඩම් අත් කර ගැනීමට උත්සාහ දැරුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

ඒ අනුව මේ වන විටත් නිදහස් කිරීමට අවසර ඇති අක්කර විසිපන්දහස, මහ පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ සහ ගව පාලනයේ යෙදෙන කිහිපදෙනෙකුගේ භාවිතයට නතුව ඇති බවට ද හේමන්ත විතානගේ චෝදනා කර ඇත.

එබැවින් නීත්‍යනුකූල නොවන ලෙස ඔවුන් රැඳී සිටින එම ඉඩම්වලින් ඔවුන් ඉවත් කොට අඳාළ ප්‍රදේශයේ වගා කටයුතු සිදු කරන ගොවීන්ට ඒවා බෙදා දී ඔවුන්ගේ ඉඩම් ගැටලුවට විසඳුම් යෙදීමට රජයේ අදාළ නිලධාරීන් වහාම පියවර ගත යුතු බව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

මේ අතර වගා කිරීමට යැයි කියමින් කැබිලිත්ත රක්ෂිතයෙන් නීති විරෝධී ලෙස ඉඩම් ඉල්ලන ගොවීන්ට සහාය දක්වන හෝ අනුබල ලබා දෙන ඇතැම් දේශපාලකයන් සමාජයට වැරදි පූර්වාදර්ශයක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉස්සරහට බී ඵෑණු ,අල කන්න බැරි වෙයි වගේ - ආයෙත් ලෝක අමාරුවක්

ඉස්සරහට බී ඵෑණු ,අල කන්න බැරි වෙයි වගේ - ආයෙත් ලෝක අමාරුවක්

පසුගිය 2012 වසරේදී රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ කැබිලිත්තෙන්, පවතින නීති උල්ලංඝනය කරමින් වගා බිම් වෙනුවෙන් රක්ෂිතය සතු ඉඩම් අක්කර දොළොස් දාහක් පමණ මුදාහරින මෙන් කාලයක් තිස්සේ ගොවීන් කරන ඉල්ලීම අසාධාරණ බවද ඔහු සඳහන් කර ඇත.

එසේම රජයට අයිති කැලෑ ඉඩම් මෙසේ කූට ලෙස බලයට පත්වන හෝ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහායෙන් මංකොල්ලකෑමට උත්සාහ දරන්නේ ගොවීන්ට මුවා වූ මහ පරිමාණ ඇතැම් ව්‍යාපාරිකයන් බවද සභාපතිවරයා චෝදනා නගයි.

මේ ලග්නවලට අද වස්තු සම්පත් උතුරනවා විතරක් නෙවෙයි මේ දේවල්වලටත් සුබම සුබයි

මේ ලග්නවලට අද වස්තු සම්පත් උතුරනවා විතරක් නෙවෙයි මේ දේවල්වලටත් සුබම සුබයි