අස්වැසුම හිමි අයට දැනුම්දීමක් - එනකල් බලා ගෙන සිටි මුදල් අද සිට බැංකුවට
By Kaushi
2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ අද (14) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, අස්වැසුම පළමු අදියර යටතේ ප්රතිලාභී පවුල් 985,283කට රුපියල් බිලියන 9.12ක මුදලක් ලබාදීමට නියමිතව ඇත.
එසේම දෙවන අදියර යටතේ ප්රතිලාභී පවුල් 212,445කට රුපියල් බිලියන 2.04ක මුදලක් බැර කිරීමට නියමිතයි.
එබැවින් අදියර දෙක යටතේ ප්රතිලාභී පවුල් 1,197,728කට ලබාදීමට නියමිත මුළු මුදල රුපියල් බිලියන 11.16ක් වේ.
ඒ අනුව අදාළ ප්රතිලාභීන්ට අද (14) සිට සිය අස්වැසුම බැංකු ගිණුම් හරහා එම මුදල් ලබාගත හැකි බව දැනුම් දී ඇත.