විමල් වීරවංශ ඇතුළු 06කට එරෙහි නඩුවකට දින නියම වෙයි

Report

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 10 වැනිදාට කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙම පැමිණිල්ල අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

"මම අද හවස කච්චතිව් දූපතට යනවා" - තලපති විජේ නිසා ජනපති සීරුවෙන්

"මම අද හවස කච්චතිව් දූපතට යනවා" - තලපති විජේ නිසා ජනපති සීරුවෙන්

ඒ අනුව, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 10 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විමල් වීරවංශට එල්ල වී ඇති චෝදනාව වන්නේ, 2016 පෙබරවාරි 06 වැනිදා කොළඹ තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී, එහි මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුගේ මෙරට පැමිණීමට විරෝධය පළ කරමින්, මාර්ග අවහිර කර උද්ඝෝෂණයක නිරත වීම තුලින් මහජන පීඩාවක් ඇති කිරීමයි.

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

සියලු රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර

සියලු රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර