බුදු අම්මෝ රක්ෂිතයකින් මෙච්චර ගොඩක්.. ලංකාවටම බෙදන්න පුළුවන් තරමට එතන තිබිලා..(VIDEO)

Report

මුතුරාජවෙල රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් කොළඹ නගරයේ සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (08) පස්වරුවේ වටලා තිබේ.

කලබල වෙන්න එපා එයත් වැඩට යන්න ඇවිත් තියෙන්නේ.. බසයට නැග්ග කෙනෙක් නිසා මගීන් වහලයේත් එල්ලීලා ..

කලබල වෙන්න එපා එයත් වැඩට යන්න ඇවිත් තියෙන්නේ.. බසයට නැග්ග කෙනෙක් නිසා මගීන් වහලයේත් එල්ලීලා ..

එහිදී, ස්ප්‍රීතු බැරල් 75 ක්, පෙරන ලද ස්ප්‍රීතු බෝතල් 3000ක් සහ කසිප්පු නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා අඩංගු බැරල් විශාල සංඛ්‍යාවක් ජලයේ ගිල්වා තිබියදී සුරාබදු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

සුරාබදු නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා එම ස්ථානයට ලඟා වී ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ කසිප්පු පෙරමින් සිටි සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් තිබේ.

අලුත් හිස්වැස්ම නිසා බන්ධනාගාර නියාමකට වුණ දෙයක් ..

අලුත් හිස්වැස්ම නිසා බන්ධනාගාර නියාමකට වුණ දෙයක් ..

එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික බව වැටලීම සිදුකළ සුරාබදු නිලධාරීන් පැවසීය.

ඒ අනුව, අත්අඩංගුවට ගත් භාණ්ඩ හා නීති විරෝධී ස්ප්‍රීතු තොගය අධිකරණයට ඉදරිපත් කිරීමට කටයුතු කරන බව සුරාබදු නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.