අච්චරකට බැස්ස බිත්තරෙ ඇස් උඩ යන දැන් මිල ..

Report

බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, යළි බිත්තර මිල ඉහළ යාමට කරුණු කිහිපයක් බලපා ඇති බවය.

රුපියල් 1408කට ලබා ගත හැකි එන්නත් රුපියල් 2490ට අරන්..තවත් එන්නත් වංචාවක තොරතුරු ..

රුපියල් 1408කට ලබා ගත හැකි එන්නත් රුපියල් 2490ට අරන්..තවත් එන්නත් වංචාවක තොරතුරු ..

"තොග වෙළෙඳුන් විශාල ප්‍රමාණයක් බිත්තර ගෙනිහින් බිත්තර වික්කා. ඒකෙන් පාරිභෝගිකයින්ට විශාල සහනයක් ලැබුණා. මේ වෙනකොට ඒ නිෂ්පාදන අතිරික්තය වෙළෙඳපොළෙන් ඉවත්වෙලා තියෙනවා. දැනට නිෂ්පාදනය වන දෛනික බිත්තර තමා වෙළෙඳපොළට එන්නේ. නමුත් විශාල වශයෙන් මිල උච්චාවචනය වීමක් වෙලා තියෙනවා. ඒක කෘත්‍රීමව සිදුවෙනවා ද කියලා අපිට ප්‍රශ්නයක්"

සංගීත ප්‍රසංගයට ආපු තරුණයාව අවසානෙදි හමු වූ තැන..

සංගීත ප්‍රසංගයට ආපු තරුණයාව අවසානෙදි හමු වූ තැන..

එමෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින්, දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති බවටයි  ආරංචි මාර්ග පවසන්නේ.

එසේම පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුළ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.