සනත්ගේ 2008 IPL වාර්තාවක් රිකෙල්ටන් බිඳ දමයි

Report

2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.

 තරගාවලියේ 41වන තරගය ලෙසින් මුම්බායිහි වන්කඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී  රිකෙල්ටන් විසින් මෙම වාර්තාව අලුත් කර ඇත.

මෙම තරගයේ දී රිකෙල්ටන් පන්දු 55කදී නොදැවී ලකුණු 123ක් රැස්කිරීමට සමත්වූ අතර, එහි ශතක සීමාව ඔහු පන්දු 44කින් පසුකර ගොස් තිබේ.

 ඒ අනුව මීට වසර 18කට පෙර එනම්, 2008 වසරේ දී ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පන්දු 45කින් ශතකයක් රැස්කර මුම්බායි වෙනුවෙන් පිහිටුවා තිබූ වාර්තාව බිඳ වැටී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගේ ප්‍රකාශය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගේ ප්‍රකාශය මෙන්න

හර්ෂණ සූරියප්පෙරුම අද COPF කමිටුව හමුවට

හර්ෂණ සූරියප්පෙරුම අද COPF කමිටුව හමුවට