තමන්ගේ පුතාට කරන අපහාසවලට එරෙහිව සමන්ත විද්‍යාරත්න CID යයි [VIDEO]
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රකාශයකින් තම පාසල් වියේ පසුවන දරුවාට අපහාසයක් වන ලද බවට සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම ප්‍රකාශයෙන් පසුව සමාජ මාධ්‍යවල තම දරුවා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ අපහාසාත්මක සටහන් පළවීම් සම්බන්ධයෙන් CID හි සයිබර් අපරාධ අංශයට තවත් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්, මෙම ද්වේශ සහගත ක්‍රියාවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
එම තත්ත්වය හරහා තම දේශපාලන කටයුතු ඉලක්ක කරගනිමින් දරුවා වෙත එල්ල වන ප්‍රහාරවලට විරුද්ධව නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.