ලෝක තෙල් මිල අඩු වුණා නම් ඇයි ලංකාවේ අඩු කරන්න් බැරි වහාම ජනතාවාට සහන දෙන්න - විපක්ෂ නායක

Report

ලෝක වෙළඳපොළේ පවතින බොරතෙල් මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති හෙයින් එම ආර්ථික සහනය රටේ පීඩාවට පත්ව සිටින සමස්ත ජනතාව වෙත වහාම ලබාදීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

පොදු සමාව නිර්දේශ වූ සිරකරුවන්ට තවදුරටත් හිරේම ඉන්න වෙයි - ඥාතීන්ගෙන් දැවැන්ත චෝදනාවක්

පොදු සමාව නිර්දේශ වූ සිරකරුවන්ට තවදුරටත් හිරේම ඉන්න වෙයි - ඥාතීන්ගෙන් දැවැන්ත චෝදනාවක්

පාර්ලිමේන්තු සභා ගර්භය අමතමින් විපක්ෂ නායකවරයා මෙසේ ද අවධාරණය කර සිටියේය.

ලෝක වෙළඳපොළේ වත්මන් බොරතෙල් මිල විශාල වශයෙන් පහළ බැහැලා තියෙනවා. ඒ නිසා අපේ රටේ දුක් විඳින ජනතාවට ඉන්ධන සහන සැලසීමට රජයට උපරිම හැකියාව තිබෙනවා. එසේ වුවත් වත්මන් පාලනය යටතේ ජනතාවට හිමිවිය යුතු ඉන්ධන සහනාධාරය ලබාදීම ගැන මේ වන විට රට තුළ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් මතු වෙලා තියෙනවා. ලෝකයේ තෙල් මිල වේගයෙන් පහළ වැටී ඇති සෑම අවස්ථාවකදීම අපේ රටේ දේශීය තෙල් මිලත් අනිවාර්යයෙන්ම පහළ වැටෙන්න ඕනෑ. ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙනකොට සැනෙකින් දේශීය මිල වැඩි කළා නම් ලෝක මිල අඩුවෙනකොට එම සහනය ජනතාවට දීලා මිල අඩු කරන්නේ නැත්තේ ඇයිද

යන්න තමන් රජයෙන් ප්‍රශ්න කරන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාසල් කැන්ටින්වලට මින්පසු ජන්ක් ෆුඩ් තහනම්? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම මෙනුව මෙන්න

පාසල් කැන්ටින්වලට මින්පසු ජන්ක් ෆුඩ් තහනම්? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම මෙනුව මෙන්න