රටම කැළඹූ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට ඇත්තම හේතුව විපක්ෂ නායක එළි කරයි - ඛේදනීය තත්ත්වය ගැන විශාල චෝදනාවක් [VIDEO]
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධව අපක්ෂපාදී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව සඳහන් කරයි.
ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ සිදුවූ මෙම ඛේදනීය තත්ත්වය හේතුවෙන් සහ තුවාලකරුවන් ඇතිවීම ආදී අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වීම බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීමක් හා අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදුව තිබෙන බවයි.
එමෙන්ම ඔහු චෝදනා කර සිටියේ ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියදී බන්ධනාගාරය තුළ ජීවිත හානි සිදු වුවහොත් රජය වගකිව යුතු බවට සඳහන් කළ බැවින් මේ අවස්ථාවේදීද ජීවිත ගණනාවක් අහිමි වී ඇති බැවින් වත්මන් රජයද මේ සිදුවීම සම්බන්ධව වගකිව යුතු බවටයි.
රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට
තවද වත්මන් රජය බලයට පැමිණේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට බව කිව්වද පවතින ක්‍රමය අසාර්ථක බවට මේ වන විට මීගමුව බන්ධනාගාරය හා කේන්ද්‍ර ගත වූ සිදුවීමෙන් පෙනී යන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට රජයට නොහැකි ඇයිද යන්න ප්‍රශ්න කළ යුතු බවද කියමින්.
ඊට අමතරව ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ බන්ධනාගාරය තුළ නිශ්චිත මානුෂීය පරිපාලනයක් ගෙනයන්නට නොහැකි කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බවත් රටේ ජනතාව මෙම සිදුවීම දෙස බලා සිටින බැවින් රජය මේ සම්බන්ධව පිළිතුරු දිය යුතු බවත් ය.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,