ශ‍්‍රී ලන්කන් ගුවන්සේවය පිළිබඳව කනගාටුදායකය පුවතක්
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා සඳහන් කරන පරිදි,ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් පැහැර හරින ලද සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු මෙම මාසය තුළ අවසන් කිරීම රජය අපේක්ෂා කරන බව සඳහන් කරයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ගුවන් සේවය සතුව ඇති දැවැන්ත මූල්‍ය වගකීම් හේතුවෙන්, මෙම මොහොතේ ජාතික ගුවන් සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයක් ලබා ගැනීම ප්‍රායෝගික නොවන බවයි.
එහිදී ඔහු සඳහන් කළේ,
"අපට දැවැන්ත ණය බරක් තිබේ. සමස්ත ගුවන් යානා පද්ධතියම බදු පදනම මත ලබාගෙන ඇත. මෙතරම් ණය භාර ගත් ගුවන් සේවයක් මිලදී ගැනීමට කවුද ඉදිරිපත් වන්නේ?"
නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ගුවන් සේවය පුද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.