රුමේෂ් තරංග පතිරගේ සුදුසුකම් වටයේ ප්‍රථම ස්ථානය දිනා ගනියි

Report

ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ සුදුසුකම් ලැබීමේ වටයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරාගේ ඊයේ (30) සමත් වූ අතර, ඒ අනුව අද (31) පැවැත්වෙන පදක්කම් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

23 හැවිරිදි ලෝක අංක දෙකේ ක්‍රීඩකයා මීටර් 82.84ක විශිෂ්ට විසි කිරීමක් වාර්තා කරමින් සුදුසුකම් ලැබීමේ වටයේ ඉහළම දක්ෂතාව දැක්වීය. දෙවරක් ලෝක ශූරතාව දිනාගත් ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර් 81.29ක දුරක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත් වූ අතර, දකුණු අප්‍රිකාවේ ඩවු ස්මිත් මීටර් 80.64ක දුරක් සමඟ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ලෝකෙම හොල්ලපු ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයාත් අද තරග බිමට

ලෝකෙම හොල්ලපු ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයාත් අද තරග බිමට

ඉන්දියාවේ හිටපු ඔලිම්පික් සහ ලෝක ශූර නීරාජ් චොප්රා මීටර් 79.61ක දුරක් සමඟ පස්වැනි ස්ථානයට පත් වූ අතර, වත්මන් ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ආසියානු ශූර පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් මීටර් 78.63ක දුරක් වාර්තා කරමින් හත්වැනි ස්ථානයෙන් අවසන් මහා තරගයට පිවිසියේය.

සමස්තයෙන් ක්‍රීඩකයන් 12 දෙනෙකු පදක්කම් තරගයට සුදුසුකම් ලැබූ අතර, ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහට අවසන් මහා තරගයට පිවිසීමට නොහැකි විය.

පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් මහා තරගය අද (31) ග්ලාස්ගෝ වේලාවෙන් රාත්‍රී 8.15ට පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකා වේලාවෙන් අගෝස්තු 1 වැනිදා අලුයම 12.50ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයේ ඉහළට ඔසවමින් පාලිත බණ්ඩාරගෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක්

ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයේ ඉහළට ඔසවමින් පාලිත බණ්ඩාරගෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක්