ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි
ලොව පුරා උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ පරාගන කාලසීමාව දීර්ඝ වීම සහ පරාගවල ප්‍රබලතාව වැඩිවීම නිසා ශ්වසන රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම හුදෙක් ග්ලැසියර දියවීමට පමණක් සීමා නොවී, අප ආශ්වාස කරන වාතය පවා "මාරාන්තික" තත්ත්වයට පත් කරමින් තිබෙන බවයි.
එසේම විදෙස් වාර්තා මෑතකදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිදු වූ "Thunderstorm Asthma" තත්ත්වය මෙයට උදාහරණයක් වශයෙන් දක්වයි.
Thunderstorm Asthma තත්ත්වය යනු, සාමාන්‍යයෙන් පරාග අංශු විශාල බැවින් ඒවා නාසයෙන් පෙරා ඉවත් වේ.
එහෙත් ගිගුරුම් සහිත වැසි පවතින විට තද සුළඟ මඟින් පරාග විශාල ලෙස වලාකුළු දෙසට ඇද ගනී. වලාකුළුවල ඇති තෙතමනය හේතුවෙන් මෙම පරාග අංශු පිපිරී ඉතා කුඩා කොටස්වලට කැඩී යයි.
මෙම අන්වීක්ෂීය පරාග කොටස් යළි පොළොවට පතිත වන අතර, ඒවා වාතය සමඟ කෙලින්ම පෙනහළුවල ගැඹුරුම ප්‍රදේශ කරා ගමන් කරයි. මෙම තත්ත්වය මෙල්බර්න් නුවරදී විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළ දහස් ගණනක් රෝහල්ගත කිරීමටත්, 10 දෙනෙකුට ජීවිත අහිමි කිරීමටත් හේතු වූ බව සඳහන්.
එමෙන්ම කාලගුණ විපර්යාසයේ බලපෑම විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම පරාග නිපදවන ශාකවලට "පොහොරක්" වශයෙන් ක්‍රියා කරයි.
ශීත කාලය කෙටි වීම හේතුවෙන් ශාක වසරකට මාස දෙකක් පමණ අමතර කාලයක් පරාග මුදාහරින බව වාර්තා වේ.
ඒ අනුව පර්යේෂණවලින් හෙළිව ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම නිසා ශාක පෙරට වඩා 50% සිට 13 ගුණය දක්වා වැඩි පරාග ප්‍රමාණයක් නිපදවන බවයි.
එසේම නව පරාගයන් පෙරට වඩා වැඩි අසාත්මිකතා ඇති කළ හැකි ප්‍රෝටීනවලින් සමන්විත බව ද සඳහන්. විශේෂයෙන්ම රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් පවා දරුණු අසාත්මිකතාවලට ගොදුරු විය හැකි බැවින්, ඉදිරි වසරවලදී මෙය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් වනු ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවයි.
මෙම කාලගුණ විපර්යාසය සහ ඉහළ යන පරාග ප්‍රමාණය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සැලකුවහොත් ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් යුරෝපීය රටවල මෙන් "ශීත ඍතුවෙන්" පසු පැමිණෙන පැහැදිලි පරාග වාරයක් අපට දක්නට නොලැබේ.
එහෙත් ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය බලපාන සුවිශේෂී ක්‍රම කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. එනම්,
1. ලංකාව වැනි රටවල වසර පුරාම පරාගන ක්‍රියාවලිය සිදුවන බැවින්, උෂ්ණත්වය ඉහළ යාම තුළ ශාකය වසරේ වැඩි කාලයක් පරාග නිපදවීමට පෙළඹේ.
ඉන් අදහස් කරන්නේ අසාත්මිකතා ඇති පුද්ගලයන්ට "විවේකයක්" නොමැතිව වසර පුරාම රෝග ලක්ෂණ පැවතිය හැකි බවයි. එමෙන්ම කොළඹ සහ මහනුවර වැනි නගරවල වායු දූෂණය ඉහළ මට්ටමක පවතින අතර වායු දූෂක අංශු පරාග සමඟ එකතු වූ විට, පරාගවල අසාත්මිකතා ඇති කිරීමේ හැකියාව කිහිප ගුණයකින් වැඩි වෙන බව සඳහන්. එසේම ශ්‍රී ලංකාව යනු වසරේ පුරා කිහිප විටකදීම අකුණු සහිත වැසි ඇති වන රටකි.
2. පර්යේෂණවලට අනුව, දකුණු ආසියාතිකයන් මෙවැනි පරාග ආශ්‍රිත ඇදුම තත්ත්වයන්ට ජානමය වශයෙන් වැඩි අවදානමක් දක්වන බව හඳුනාගෙන ඇත.
2016 මෙල්බර්න් සිදුවීමේදී පවා රෝහල්ගත වූවන්ගෙන් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලාංකික සහ ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් වූ බව විදෙස් වාර්තා දක්වයි.
3. ශ්‍රී ලාංකික අපට මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට පහත පියවර ගත හැකිය ගිගුරුම් සහිත වැසි පවතින විට, ඇදුම හෝ සෙම්ප්‍රතිශ්‍යාව ඇති අය හැකිතාක් නිවෙස් තුළ රැඳී සිටීම. ඖෂධ භාවිතය අසාත්මිකතා ඇති පුද්ගලයන් වැසි වාර ආරම්භ වීමට පෙර වෛද්‍ය උපදෙස් මත පාලන ඖෂධ (Inhalers/Antihistamines) භාවිත කිරීම. පරාග අධික කාලවලදී සහ කුණාටු සහිත අවස්ථාවලදී පිටතට යන්නේ නම් N95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳීම.
ලෝකෙම කතාබහට ලක්වූ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඇරඹෙයි - සුපිරි නළු තලපති විජෙයි නිසා සැවොම කුතුහලෙන්
එසේම නිවෙස් තුළට පරාග ඇතුළු වීම වැළැක්වීමට ජනෙල් වසා තැබීම සහ හැකි නම් වායු පිරිපහදු (Air Purifiers) භාවිතය.
ඒ අනුව එම කරුණු අනුව ඔබට යම් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිනම්, හුදෙක් සෙම්ප්‍රතිශ්‍යාවක් සේ සිතමින් නොසලකා හැරීම වෙනුවට, කාලගුණික විපර්යාසයන්ට අනුකූලව සෞඛ්‍ය පුරුදු වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය බව දන්වයි.
එමෙන්ම ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට වැසි දිනවලදී හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උපදෙස් දෙයි.