මහා විනාශයක් - යුද ගිනි දැල්වලින් ලෙබනනය දිනෙන් දින සොහොන් පිටියක් වෙයි - 2400ට වැඩිය මැරිලා
By Kaushi
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් එරට නිවාස ඒකක 50,000කට අධික සංඛ්‍යාවකට අලාභ හානී සිදුව ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව යුද්ධයෙන් ගත වූ දින 45 තුළ එල්ල වූ ප්‍රහාරවලින් නිවාස 17,756ක් පුර්ණ වශයෙන් විනාශ වී ඇත.
එසේම නිවාස 32,668කට හානි සිදුව ඇති බව ලෙබනන් රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ලෙබනන ජාතිකයින් 2,400කට අධික පිරිසක් මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන්ව ඇති බව ද සඳහන්.