ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු - ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදනයක්

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට අමතරව අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි පවා ඇති විය හැකි බව ද අනාවරණය කර ඇත.

මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

මේ අතර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.

ඉරාන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හදිසි සාකච්ඡාවක්

ඉරාන සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හදිසි සාකච්ඡාවක්

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලින් වැළකී සිටීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැතින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.

අද ඔබේ ලග්නයට කොහොමද? නව ව්‍යාපෘතිවලට සහ රැකියාවට සුභ දවසක්

අද ඔබේ ලග්නයට කොහොමද? නව ව්‍යාපෘතිවලට සහ රැකියාවට සුභ දවසක්