හංගපු ෆයිල්ස් ටික උඩට - රිෂාඩ් බදියුදීන් අල්ලස් කොමිසම හමුවට
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (05) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇති බව වාර්තා වේ.
මෙම කැඳවීම සිදු වූයේ පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහුගේ කාලයේදී රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මූල්‍ය අක්‍රමිකතා චෝදනා පිළිබඳ විමර්ශනයක් මතය.
අල්ලස් කොමිසම විසින් මෙම ගනුදෙනුවේදී රාජ්‍ය මුදල් අයථා භාවිතයක් සිදු වූ බවට සැක මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, එවකට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ රිසාඩ් බදියුදීන් මහතාගෙන් මෙම සිද්ධියට අදාළ විස්තර ලබාගැනීම සඳහා අදාළ කැඳවීම සිදු කර තිබේ.
අද(05) පෙරවරු 9.00ට පමණ අල්ලස් කොමිසම් කාර්යාලයට පැමිණි බදියුදීන් මහතා විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇති බවත්, එය පැය කිහිපයක් පුරා සිදු වූ බවත් වාර්තා වේ. ප්‍රකාශය අවසානයේ ඔහු නැවත කැඳවීමක් සිදු වුවහොත් පැමිණීමට සූදානම් බව දන්වා ගොස් ඇති බව සඳහන්.
මෙම චෝදනා සම්බන්ධයෙන් රිසාඩ් බදියුදීන් මහතා මීට පෙරද අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර, වත්මන් විමර්ශනය එම චෝදනාවල තවදුරටත් ගැඹුරු විමර්ශනයක් ලෙස සැලකේ. අල්ලස් කොමිසම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන සිටින බව වාර්තා වේ.