බොරැල්ල මැගසින් බන්ධනාගාරෙත් ඇවිලෙයි - සාමාන්‍ය ධාරිතාව ඉක්මවා 3,100 ක් ඇතුළේ ඉද්දි රැඳවියන් අතර ගැටුමක්
කොළඹ බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ද අද (10) දින දහවල් කාලයේදී රැඳවියන් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව, මෙම නොසන්සුන්කාරී තත්ත්වය මුලින්ම හටගෙන ඇත්තේ රැඳවියන් දෙදෙනෙකු අතරයි.
අනතුරුව තවත් රැඳවියන් දෙදෙනෙකු ද මෙම ගැටුමට සම්බන්ධ වී තිබෙන බව සඳහන්. කෙසේ වුවද මෙම පිරිස අතර මෙවැනි රණ්ඩුවක් ඇති වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව සඳහන්.
එමෙන්ම මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් වහාම වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇති අතර එහිදී ප්‍රතිකාර ලැබූ රැඳවියන් තිදෙනෙකු සුවය ලැබීමෙන් පසු යළිත් මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇත.
තෝව අහුවුණොත් මරනවා එළියෙදී අහුවෙන්න එපා - රැඳවියන්ට එළියට එන්න නොදුන් නිලධාරියට මරණ තර්ජන - ගැටුම මෙහෙයපු සුරේෂ්ටත් රැඳවියන්ගෙන්ම ඇවිද ගන්න බැරි වෙන්නම අමානුෂික ප්‍රහාර
මේ අතර තුවාල ලැබූ අනෙක් රැඳවියා තවදුරටත් එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සිදුවීමත් සමඟ බන්ධනාගාරය තුළ පවතින දැඩි ඉඩකඩ හිඟය පිළිබඳව ද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් කරුණු හෙළි කර තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ පවතින පහසුකම් අනුව මැගසින් බන්ධනාගාරය තුළ උපරිම ලෙස රඳවා තැබිය හැක්කේ රැඳවියන් 600 දෙනෙකු පමණක් වුවද, අද දිනය වන විට එහි සාමාන්‍ය ධාරිතාව විශාල ලෙස ඉක්මවා යමින් රැඳවියන් 3,100 ක පමණ පිරිසක් එහි රඳවා සිටින බවයි.