තවත් අනතුරු ඇඟවීමක් - අප්‍රේල් වෙද්දි තවත් දෙයක් රටේ හිඟ වෙයි
අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බවට මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.
ඒ අනුව එහි සභාපති බී. කේ. රංජිත් මහතා සඳහන් කළේ සම්බා සහ කීරි සම්බා සහල් මිල තවදුරත් ඉහළ යා හැකි බවයි.
එසේම, "අද වනවිට මරදගහමුල පළමු පන්තියේ නාඩු සහල් කිලෝවක් තොග උපරිමය රුපියල් 225 දක්වා ගන්න පුළුවන්. සුළු කැකුළු රු 208 - රු 212 දක්වා, රතු හාල් වර්ග රු 205 - රු 210 දක්වා වගේ මිලකට තියෙනවා. නමුත් සම්බා සහ කිරීසම්බා ඉතාම අධික මිලකට තියෙන්නේ. කීරි සම්බා රු 340 ඉක්මවා යනවා. සම්බා රු 260 ඉක්මවා යනවා. සම්බා සහ කීරි සම්බාවල මිල වැඩි වුණ ගමන් ඒවා පවුරන්න ගියාම සුළු කැකුළු සහ නාඩුවල ලොකු හිඟයක් ඇති වෙනවා. ඒ නිසා වී මිල වැඩි වෙනවා නම් මේ වර්ග තුනටම ගොවි මහත්තුරුන්ට සාධාරණ මිලක් ලබාදිය යුතුයි. සම්බා සහ කීරි සම්බා මිල උත්සව සමයේ තවත් වැඩිවෙයි."