සම්බා සහ කීරි සම්බා මිල ඉහළට - නව මිල ගණන් මෙන්න
සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.
වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් පිළිවෙලින් රුපියල් 120, 125 සහ 132 ලෙස මිලදී ගෙන තිබුණද, ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගාව වැඩිදියුණු කිරීම සඳහා එම වී වර්ගවල අවම මිල ගණන් සංශෝධනය කිරීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද මිල කමිටුව නිර්දේශ කර තිබේ.
එම නිර්දේශයන් පදනම් කර ගනිමින් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව තීරණය අනුව, නියමිත ප්‍රමිතියෙන් යුත් නාඩු වී කිලෝග්‍රෑමයක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120 ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
ඒ සමඟම සම්බා වී කිලෝග්‍රෑමයක අවම මිල රුපියල් 125 සිට රුපියල් 130 දක්වාත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක අවම මිල රුපියල් 132 සිට රුපියල් 140 දක්වාත් ඉහළ නැංවීමට තීරණය කර ඇත.
මෙම තීරණය හරහා සම්බා සහ කීරි සම්බා වගාවට ගොවීන් වැඩි වශයෙන් උනන්දු කිරීමත්, උසස් තත්ත්වයේ වී නිෂ්පාදනය දිරිගැන්වීමත් අරමුණු කරගෙන ඇති බව සඳහන් වේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.