ආයේ ලයිසන් එක අලුත් කරගන්න මෙතෙන්ට යන්න එපා - රජයෙන් අලුත් තැනක් විනාඩි 10න් වැඩේ හරි
රියැදුරු බලපත්‍ර අලුත් කරගැනීම සඳහා දැන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යෑම අනවශ්‍ය බවත්, නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනය මඟින්ම එය සිදු කරගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛද්‍ය පරීක්‍ෂණයට මුහුණ දී එය සමත් වීමෙන් පසු විනාඩි 10කටත් අඩු සුළු කාලයකදී එම ස්ථානයේදීම මුදල් ගෙවා තම රියැදුරු බලපත්‍රය අලුත් කරගැනීමට හැකියාව ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
තවද, රියදුරු බලපත්‍රය අලුත් කිරීමට දැන් ජනතාවට වේරහැරට පැමිණිය යුතු වීම විශාල අපහසුතාවක් බවත්, ඉදිරි මාසය තුළ දී මෙම ක්‍රමය වෙනස් කර, 60% කින් කාර්‍යක්ෂමතාව වැඩිකරන්නා වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවත් පසුගිය දා සඳහන් කර තිබුණි.
ඒ අනුව මේ වන විට මෙම ක්‍රමය යටතේ ඉතා පහසුවෙන් සහ ඉක්මනින් තම රියැදුරු බලපත්‍රය අලුත් කරගැනීමට හැකියාව ඇත.