රජවරු පිස්සු වැටිලා හොයන රාවණා ගල ලංකාවෙන් මතුවේ
රාවණ රජු විසින් බලය කවා ඇති බවට ජනප්‍රවාදයේ කියැවෙන ‘රාවණා ගල’ ලෙස හැඳින්වෙන වටිනා පාෂාණයක් රුපියල් කෝටි 3000කට විකිණීමට ගිය පස්දෙනෙකු සහ එය මිල දී ගැනීමට පැමිණ සිටි ඉන්දීය ජාතිකයා ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය නිධානයකින් ගත් වටිනා පාෂාණයක් බවට සැක කෙරෙන අතර එහි ගෝනුස්සෙකු රූපයක් සහ තවත් ගුප්තමය සලකුණු රැසක් කොටා ඇති බව දක්නට ලැබෙන ඕවලාකාර හැඩයෙන් යුත් තද නිල් පැහැති පාෂාණයක් වේ.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා ඊයේ (නොවැ. 21) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 05 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලිසිය වාර්තා කලේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් මත අඩම්පන් පොලිස් වසමේ වට්ටකණ්ඩාල් ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම වටිනා පාෂාණය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
මෙය පාලකයෙකු හෝ රජෙකු තවත් බලවන්තයෙකු බවට පත් කරන බලයකින් යුත් බලගතු පාෂණයක් කියන බැවින් වරෙක අප්‍රිකානු රටක රජ කෙනකු ද මෙය මිල දී ගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.