වනිදු පරදා යළිත් රෂීඩ් පෙරමුණට එයි..!

Cricket Wanindu Hasaranga Rashid Khan
By Sewvandhi Mar 29, 2023 05:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් නැවතත් පැමිණීමට සමත්ව තිබේ.

පාකිස්තානය සමග පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත රෂීඩ් ඛාන් එම සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇත.

ඒ අනුව එහි පෙරමුණ ගෙන සිටි වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබේ.

20-20 පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණේ පසුවන රෂීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 710ක් ලබා ඇති අතර වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 695ක් ලබා සිටී.

එම සටහනේ තුන්වන ස්ථානයේ Fazalhaq Farooqi ප්‍රසාද ලකුණු 692ක් ලබාගනිමින් රැඳී සිටින අතර Mujeeb Ur Rahman එහි 08 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 668ක් ලබාගනිමිනි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha