දේශපාලනය උණුසුම් - රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක්?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත විදෙස්ගත වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව, ඔහු ප්‍රංශය, එංගලන්තය හෝ ඉන්දියාව වැනි රටකට යාමේ සැලසුම් කර ඇති බව දැනගන්නා ලදී.
වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ විපක්ෂයේ වගකීම් භාරගෙන ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන ලෙස හිටපු ජනාධිපතිවරයාට පසුගිය දිනවල විපක්ෂ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබී ඇත.
ඒ අනුව, ඔහු එම ඉල්ලීම්වලට අවධානය යොමුකර ඇති අතර, දේශපාලන රැස්වීම් දහසක් පැවැත්වීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද අදහස් පළකර ඇත.
කෙසේ වෙතත්, සෞඛ්‍ය තත්ත්වය මත මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු මුල්කරගෙන රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ වනතෙක් නිශ්චිත දිනවලක් තීරණය වී නොමැති අතර, මෙම වසර අවසානයේදී ඔහු විදෙස්ගත වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.