රනිල් පුදුම වෙයි...පැය තුනෙන් වාර්තා... සිතාසිත් එවලා...!!!

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Latest Headlines Sinhala news
By Akash Apr 11, 2025 02:43 PM GMT
Akash

Akash

Report

ප‍්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම විසින් කර ඇති කැදවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීම සම්බන්ධයෙන් viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනය.

උපන් දිනය දා මිහින්තලේ හිමි බැහැදකින්න ගිය නාමල්

උපන් දිනය දා මිහින්තලේ හිමි බැහැදකින්න ගිය නාමල්

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති වශයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන සුළුය. ඉහත ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රථම වරට ප්‍රචාරය වූයේ ඊයේ (10) සවස හයටය.එදින රාත්‍රියේ සිට පසු දින කාර්යාල විවෘත වන වේලාව තෙක් කිසිදු නිලධාරියෙක් කොමිෂන් සභාවේ රාජකාරි නොකළ බව තහවුරු වෙයි.

කොමිසමට කැඳවීමට අදාළ ලිපිය viii වැනි විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලයට ලැබුණේ අද (11) දහවල් 12.30 ට පමණය. කොමිෂන් සභාවේ නියමය පරිදි හිටපු ජනාධිපතිවරයා එය හමුවට කැඳවන බව ලිපියේ සඳහන්ය.

CID යට ආ කෙහෙළිය පිටව යයි

CID යට ආ කෙහෙළිය පිටව යයි

මේ අනුව පැහැදිලි වන කරුණු කීපයකි. ප්‍රකාශය කර පැය 18 ක් ගත වීමට මත්තෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීම කර තිබේ.

නිලධාරීන් කොමිසමේ රාජකාරි නොකරන රාත්‍රී කාලය අඩු කළ විට සියලු දේ සිදුව ඇත්තේ පැය තුනක පමණ කාලයක් ඇතුළතය. එම කාලය තුළ ඉහත ප්‍රකාශයට අදාළ ලිපි ගොණුව නිලධාරින් විසින් සකසා එය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර නියමය නිකුත් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවද රැස්කර තිබෙන බව පැහැදිලිවම නිරීක්ෂණය වේ.

අලුත් අවුරුද්දේ මුදල් දෙනවා කියලා බොරු කතාවක්.විදෙස් නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

අලුත් අවුරුද්දේ මුදල් දෙනවා කියලා බොරු කතාවක්.විදෙස් නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙ ක්‍රියාකාරිත්වය ලෝක වාර්තාවක් තැබීමට සමාන වේ.අල්ලස් කොමිසම මීට පෙර ඒ ආකාරයට කිසි විටක ක්‍රියා කර නැත. කොමිසම හමුවේ පෙනී සිටින ලෙස viii වන විධායක ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළය.

හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ නීතීඥයනුත් මේ කාලය තුළ කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙනු ඇත.

සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්! - දිවයිනපුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක්

සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්! - දිවයිනපුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක්

ReeCha