යෝෂිතගෙයි ඩේසි ආච්චිගෙයි නඩුව කල් යයි, ආයේ ඔක්තෝබර් 29 එන්නලු
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව ගොනු කර ඇති නඩුව එලඹෙන ඔක්තෝබර් මස 29 වන දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එසේ වුවද එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම නිසා එම නඩුව නැවත එළඹෙන ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කර ඇති බව සඳහන්.
පහුගිය 2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා මඟින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනු කර ඇත.
