රංගගේ වයිෆ්ලා දෙන්නම වැඩ කළේ මහ බැංකුවේනේ අර්ජුන් මහේන්ද්‍රගේ යටතේ වයිෆ්ට තිබ්බ තනතුර මොකක්ද - චාමර

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ පළමු සහ දෙවන බිරිඳ ද සේවය කළේ මහ බැංකුවේ බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ලංකාවේ සිදු වූ විශාලතම වංචාව වන මහ බැංකු වංචාව සිදුකළ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා යටතේ ඔහුගේ දෙවන බිරිඳ දැරූ තනතුර කුමක් ද යන්න පිළිබඳ මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කර ඇත.

එමෙන්ම 2017 කොටුව මහේස්ත්‍රාත් වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට රටින් පළා යන්නට විදේශ ගමන් බලපත්‍රය නිදහස් කළේ කවුද යන්න රංග දිසානායක පැහැදිලි කළ යුතු බව ද ඔහු අවධාරණය ක‍ර සිටියා.

නි.ඇමතිගෙ දුව ශිෂ්‍ය නායක මණ්ඩලේට ගත්තෙ නෑ කියලා මානව හිමිකම් ගිහින් - චාමර

නි.ඇමතිගෙ දුව ශිෂ්‍ය නායක මණ්ඩලේට ගත්තෙ නෑ කියලා මානව හිමිකම් ගිහින් - චාමර

මේ අතර තමා සිදු කළ මෙම හෙළිදරව්ව සමග තමන්ට පවරා ඇති නඩු තුනට එළඹෙන මාසයේම අධිචෝදනා ගොනු කරනු ඇති බවත් ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් ඊට මුහුණ දීමට සූදානම් බවත් සඳහන් කළා.

ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ ඉකුත් (08) වන දා පාර්ලිමේන්තුව අමතමින්.

එම අවස්ථාවේදී චාමර සම්පත් මහතා විසින් තවත් මැති ඇමතිවරු සහ ඔවුන්ගේ දරුවන්ගේ ක්‍රියාකලාපයන් ගැන ද ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර සිටියා.

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

ඇමති වසන්තට ෆේස්බුක් එකෙන් අපහාස කරපු අයට CID පරීක්ෂණ - ලිස්ට් එක මෙන්න

ඇමති වසන්තට ෆේස්බුක් එකෙන් අපහාස කරපු අයට CID පරීක්ෂණ - ලිස්ට් එක මෙන්න

කාන්තාවක් රිය අනතුරක් කළා කියන්න එපා ඒකත් කාන්තා හිංසනයක් - බිමල්

කාන්තාවක් රිය අනතුරක් කළා කියන්න එපා ඒකත් කාන්තා හිංසනයක් - බිමල්