රඹුක්කන වෙඩි තැබීමට අණ දුන් ජේෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්..!
By Sewvandhi
රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී කීර්තිරත්න මහතාව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එනම් පසුගිය දා පැවැති රඹුක්කන විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ දීම සම්බන්ධයෙන් ssp වරයා ඊයේ දිනයේදී CID භාරයට ගැනුනා.
මෙම වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 27 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර 42 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |